කිතු දන පුබුදුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කිතු දන පුබුදුව ගොඩනැගීමට ශුද්ධාත්මයාණන් වහන්සේගේ දෑතේ ආයුධයක් වූ පූජක සිරි ඔස්කා අබයරත්න පිය (ස්වාමි තාත්තා) මෙලෙස සඳහන් කරයි. "පුබුදුව මානුෂික නියාමකත්වයකින්, සැලසුම් කිරීමෙන් හෝ වැඩසටහන් සම්පාදනයෙන් බැහැරව දෙවියන් වහන්සේගේම මා හැඟි ක්‍රියාවක් තුළින් බිහි වවූ කි. එය සිදු විය. 1971 මැයි මාසයේ අග හරියේ පමණ විය හැකි ය. එහි ආරම්භය නිශ්චිත මාසයක, දිනයක සිදු වී යයි කිව නොහැක. මගේත් බොහෝ දෙනකුගේත් විශ්මයට එය සිදුවිය".
නිර්මාතෘ සටහන
අප වැඩිහිටි වගේම තරුණ පිරිස් ලෝකෝත්තරවූ අදෘශ්‍යමානවූ යථාර්ථයාණන් වන දෙවි මහෝත්තමයාණන්ව අත්වින්ද අත්දැකීම් ඔබත් සමඟ බෙදා ගැනීමට ඔවුන් මින් ඔබට මුණ ගැසේවි. එය ඔවුන්ගේ දෑසින් වත්, මනසින්වත් දුටු දෙයක් නොවේ. අහ්‍යන්තර ඇස නැමැති තුන්වන ඇසින් දුටුවක්. එම අත්දැකීම් රාශියක් ඔවුන් ඔබත් සමඟ බෙදා ගනීවි. ඔවුන් මතුපිට ඇසින් දකින බලයත් සොභා සුන්දරත්වයත් එම ශුද්ධාත්මයාණන්ගේ පහස ලබා අභ්‍යන්තර ඇසින් දකිත්දී, රොටියක් - පාන් පෙත්තක් වැනි පූපයක් දිව්‍ය සත්ප්‍රසාදය බවත පත්වුනු අයුරු දකිමින් මහත් හැඟීමකින්, "මෙන්න - ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය!" කියා පවසාවී. යමෙක් ඉවුන්ගේ හිස මත අත තබා යදිත්දීත්, නළල මත සළකුණක් කරත්දීත්, ඒ අය ජේසුස් වහනසේගේ දෑතිනවි; පහස ලබන අයුරු දකීවී. සැමියෙක් බිරිඳක් අතර පවතින විවාහක ප්‍රේමය වැනි ශුද්ධවූ ත්‍රිත්වයේ උතුම්වූ ප්‍රේමයේ අත්දැකීම් රැසක් ඔවුන් ඔබට පවසාවි. අප සදාතනික පියාණන් විසින් දේව පුතා වෙත දානය කරන්නාවූ ප්‍රේමය ගැනත්, ඒ දේව පුතා විසින් ප්‍රේමය ලබා, පෙරළා පියාණන්ට පිළිගන්වන ප්‍රතිචාරක ප්‍රේමය ගැනත්, ඔවුන් ඔබට අත්දැකීම් පවසාවි. ඒ පිය-පුත් අන්‍යෝන්‍ය සබැඳියාවෙන් බැඳුනු ප්‍රේමයකින් ප්‍රකාශවන ශුද්ධාත්ම ප්‍රේමයාණන් වත් ඔවුන් ඔබට හඳුන්වා දේවි.
තව කියවන්න
පූජක සිරි ඔස්කා අබයරත්න පිය
කිතු දන පුබුදුව නිර්මාතෘ
පුබුදු පුවත්
යාච්ඥාවක් අවශ්‍යද?
ඔබගේ කුමන තත්ත්වයකට උවද යාච්ඥාවක් අවශ්‍ය නම්,
අපි ඔබ වෙනුවෙන් යාච්ඥාවක් කරන්නම්!
අධ්‍යාත්මික මගපෙන්වීමක් අවශ්‍යද?
ඔබගේ ජීවිත අත්දැකීම බෙදා ගන්න
අපි ඔබට උදව් වෙන්නම්.
වේලාවක් වෙන්කර ගැනීමට පෙ.ව. 9ත් සවස 6ත් අතර අමතන්න
වෛද්‍ය ඩෙල්රින් වනිගරත්න තාත්තා
+94 718 505 826 or +94 776 854 007
ශ්‍රී ප්‍රශංසාරාමය. [ප්‍රධාන මධ්‍යස්ථානය]
වල්පොල,
රාගම, ශ්‍රී ලංකාව.
