පුබුදු ජනතාවගේ වාර්ෂික රැළිය ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය යි. දෙවන වතිකාන කතිකාවතෙන් පණ ගැන්වූ සභා නවෝදයේ පෙරළිකාරයාණෝ ශුද්ධාත්මයාණන් වහන්සේම ය. දේව වන්දනා වසර තුළ පෙන්තකොස්ත මංගල්‍යය තවත් එක් සැමරුම් මංගල්‍යයක් පමණක් වී තිබූ යුගයක ශුද්ධාත්ම පෙරළියේ බලමහිමයෙන් ජීවිත කලඹන, ජීවිත එතෙර කරවන අත්දැකීමක් මෙරට කිතුණුවා ස්පර්ශ කරන්නේ ශුද්ධාත්ම මහා මංගල්‍යයත් සමඟිනි. කිතු දන පුබුදුව ආරම්භක වසර 1971 ලෙස සනිටුහන් වුවද සංවිධානාත්මක ව ශුද්ධාත්ම රැළිය පැවැත්වූ ආරම්භක වසර 1975 වසරයි. එම වසරේ සිට සෑම වසරකම ප‍්‍රධාන තේමාවක් මුල් කරගෙන ශ‍්‍රී ලංකාද්වීපය පුරා විසිරී පැතිරී සිටින ජනතාව ඒකරාශි වන කිතු දන පුබුදු ජාතික මංගල මහෝත්සවය මෙය වේ. ඉතිහාසය පුරා වාර්ෂික තේමාව අනාවරණයක් බව පුබුදු ජනතාවගේ විශ්වාසයයි. වසර 50 ක් පුරා පුබුදු ජනතාවට ලැබී තිබෙන තේමාවන් වාර්ෂිකව ජීවත්වීම සඳහා ලැබෙන දේව වචනයක් කොට පිළිගනු ලබයි. මෙම වචනය තුළ වසර පුරා ජීවත් වීමට විවිධ මගපෙන්වීම්, පණිවිඩ ලබා දෙන වැඩ පිළිවෙලක් කිතු දන පුබුදු සම්ප‍්‍රදාය තුළම ගොඩනැගී ඇත.
ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සව වාර්ෂික තේමාවන්
වසර | තේමාව |
---|---|
1975 | මෘදු සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය |
1976 | සමිඳුන් සමඟින් සභාව ගොඩනඟමු! |
1977 | යන්න! සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න! |
1978 | ඔවුන් වහන්සේගේ තේජශ්‍රීය දුටිමු! |
1979 | සොහොයුර - සොයුරිය! ඔබ තුළ කිතු සමිඳුන් දකිම් මම්! |
1980 | ඔබගේ රාජ්‍යය පැමිණේවා! |
1981 | ඔබ ශ්‍රී නාමය සුවිශුද්ධ වේවා! |
1982 | අබ්බා තාත්තා! |
1983 | අබ්බා අම්මා! |
1984 | ප‍්‍රසන්න වෙමි මම පුතුනි මගේ! |
1985 | ඔබ මාගේ පුත‍්‍රයා ය; මම අද ඔබ ජනිත කළෙමි! |
1986 | සත්‍යය ඔබව නිදහස් කරයි! |
1987 | මා අනුව එන්න; මම ඔබ ආලේප කරමි! |
1988 | යුක්තිය උදෙසා පීඩා විඳින භාග්‍යවතුනි, මම විගස එමි! |
1989 | කිතුනුවෙනි, දිළිඳුන්ගේ සභාව වෙමු අපි! |
1990 | සොරකම් නොකරව්! |
1991 | ජේසුස් කි‍්‍රස්තුන් වහන්සේ එකම ස්වාමියාණෝ ය! |
1992 | අපි මරිය තුමිය වාගේ වෙමු! |
1993 | ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්න! |
1994 | මා කළා සේ ඔබත් සෝදන්න පාද එකිනෙකාගේ! |
1995 | සමිඳාණන්ගේ මහිමාලංකාරය ඔබ පිට බැබළේ! |
1996 | අපට නොව, අපට නොව මහිමය ඔබටයි! |
1997 | ඇවිත් බලන්න! |
1998 | රාජ්‍යය සඳහා ජනතාවක්! |
1999 | ස්තූතියි පියාණෙනි! |
2000 | මම ඔබ ගැන ප‍්‍රසන්නයි පුතේ, තාත්තේ! |
2001 | මනුෂ්‍ය පුත‍්‍රයා - දේව පුත‍්‍රයා! |
2002 | මෙන්න ඔබේ අම්මා! |
2003 | මට පිපාසයි! |
2004 | වෙරළේ නොරැඳී දියඹට දියත් කරන්න! |
2005 | ඔබ ලෝකයෙහි සිටියත්, ලෝකයට අයිති නැත! |
2006 | වඩිනු මැනවි මැවුම්කරුවාණන් වූ සුදතුනි, සමූලික පරිණාමනයක් සඳහා! |
2007 | ඔබ වහන්සේ අභිමුව පෙනී සිටිමි! |
2008 | එන්න! යන්න! එහෙත් ඉන්න! |
2009 | චතුරාර්ය ප්‍රේමය අපි භෝජනය කර ගනිමු! |
2010 | ඔබ වහන්සේගේ කැමැත්ත හැර මට අන් කිසිත් නැත! |
2011 | ශුද්ධාත්මයාණෙනි, මම ඔබ වහන්සේට වන්දනා නමස්කාර කරමි, මා කළ යුතු දේ කුමක් දැයි මට අණ කළ මැනව! |
2012 | ඔබ වහන්සේගේ වචනය හැර අන් කිසිත් නැත! |
2013 | සමිඳුනි, ඔබ වහන්සේගේ විශ්වාසය මට - අපට...! |
2014 | සමිඳුනි, ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබමු! |
2015 | සමිඳුනි, ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් බිඳක් අපට ඇත්නම්! |
2016 | සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන සේක. අවදිවන්න! |
2017 | ඔබ වහන්සේගේ ශුද්ධවූ කැමැත්ත අපට හෙළි කළ මැනව! |
2018 | ඔබ වහන්සේගේ වචනය ද කැමැත්ත ද ගින්නකි; ආශීර්වාදයකි! |
2019 | අබ්බා තාත්තේ! අබ්බා අම්මේ! |
2020 | මරියෝත්තමාවෙනි! පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේ ය! |
2021 | ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ස්වාමියාණෝ ය! |
2022 | සේනාකුළු ශාලාවට ඇතුළු වී ශුද්ධාත්මයාණන් වහන්සේගේ රිද්මයට පා තබමු |